3)ව්‍යාකරණ
1) පද ගැලපීම
කොරියන් භාෂාවේ වාක්‍යයක පද ගැලපීම සිංහල භාෂාවේ වාක්‍යයක පද ගැලපීම හා සමාන වේ.
සිංහල සහ කොරියන් භාෂාවන්හි වාක්‍ය ව්‍යුහය උක්තය - කර්මය + අඛ්‍යාතය (S+O+V) ස්වරූපය ගන්නා බැවින් අඛ්‍යාතය සෑම විටම වාක්‍යයක අවසානයේ යෙදේ. එනමුත් වාක්‍යයක් තුළ මෙම පද වර්ග සාපේක්ෂ වශයෙන් ස්ථාන මාරු කර ලිවීමට හැකි අතර අර්ථයෙහි වෙනසක් සිදු නොවනු ඇත.
저는 꽃을 좋아해요.🔊
| සිංහල භාෂාව | මම | මල්වලට | කැමතියි. |
| කොරියන් භාෂාව | 저는 | 꽃을 | 좋아해요 |
භාෂාවන් දෙකෙහිම වාක්‍යයක නාම පදයක හෝ ක්‍රියා පදයන පවත්නා ගුණයක් විස්තර කිරීමට භාවිතා කරන විශේෂණ පද සෑම විටම නාම පදයට හෝ ක්‍රියා පදයට ඉදිරිපසින් ලියනු ලැබේ.
예쁘다 꽃.🔊
| සිංහල භාෂාව | ලස්සන | + | මල් | → | ලස්සන මල් |
| කොරියන් භාෂාව | 예쁘다 | + | 꽃 | → | 예쁘다 꽃 |
භාෂාවන් දෙකෙහිම වාක්‍යයක නාම පදයක හෝ ක්‍රියා පදයන පවත්නා ගුණයක් විස්තර කිරීමට භාවිතා කරන විශේෂණ පද සෑම විටම නාම පදයට හෝ ක්‍රියා පදයට ඉදිරිපසින් ලියනු ලැබේ.
옷을 사다 싶다.🔊
| සිංහල භාෂාව | ඇදුම් මිලදී ගන්න | + | ඔනේ | → | ඇදුම් මිලදී ගන්න ඔනේ |
| කොරියන් භාෂාව | 옷을 사고 | + | 싶다 | → | 옷을 사고 싶다 |