(1) භාෂා පවුල
සිංහල භාෂාව ඉන්දු යුරෝපීය භාෂා පවුලට අයත් වන අතර කොරියන් භාෂාව අල්තායි භාෂා පවුලට අයත්වේ.
| භාෂා පවුල | භාෂා පවුලට අයත් භාෂා |
| සිංහල භාෂාව | ඉන්දු යුරෝපීය භාෂා පවුල | හින්දි, පන්ජාබ්, බොගාලි සහ නේපාලි වැනි භාෂා |
| කොරියන් භාෂාව | අල්නායි භාෂා පවුල | තුර්කි, උස්බෙක් සහ කසාක් වැනි භාෂා |
2) උච්චාරණය
සිංහල භාෂාවෙහි කෙටි ස්වර අ , ඉ , උ, එ, ඔ, ඇ, අං 7 ක් වන අතර මෙම කෙටි ස්වර සියල්ලකටම දීර්ගව උච්චාරණය කළහැකි දීර්ඝ ස්වරයන්ද ඇත. කොරියන් භාෂාවෙහි කෙටි ස්වර 7ක් වන අතර [උයි]ස්වරය සිංහල භාෂාවෙහි දක්නට නොලැබේ.
සිංහල භාෂාවේ, උච්චාරණය අනුව වර්ග කෙරෙන ව්‍යංජන ගණන 24 ක් වන අතර කොරියන් භාෂාවේ 21ත් වේ. සිංහලයෙහි ස්පර්ශ මුලික වශයෙන් ගෝෂාකාර හා අගෝෂාකාර ලෙස වර්ග කෙරේ. කොරියන් භාෂාව ගත්කල ව්‍යංජන උච්චාරණය කරන විට පිටවන වාතයෙහි ප්‍රබලත්වය අනුව අල්පප්‍රාණ මහා ප්‍රාණ, උගුරට බර දී කරන ශබ්ද ලෙස වර්ග කරනු ලැබේ.
සිංහලයෙහි 'ෆ[f]' සහ මුර්තජ 'ථ[t]','ඪ[d]' ශබ්දයන් ඇති නමුත් කොරියන් භාෂාවේ මෙම ශබ්දයත් දක්නට නොලැබේ. සිංහලයෙහි [l] සහ [r]] ශබදයන්ට 'ල' සහ 'ර'ලෙස වෙන්වෙන් වු අක්ෂරයන් තිබුනද තොරියන් භාෂාවේ මෙම ශබ්දයන් දෙකටම එතම අක්ෂරය යොදාගැනේ. 'ㄹ' ව්‍යංජන ස්වර දෙකක් අතරට යෙදෙන විට [L] ලෙස උච්චාරණය කරන අතර හල්කිරීමක් ලෙස යෙදෙන විට [R] ලෙස උච්චාරණය කරනු ලැබේ.
සිංහල භාෂාවේ 'ෆ[f] අක්ෂරය ශුද්ධ සිංහල ව්‍යාජනයක් නොවන අතර ඉංග්‍රීසි භාෂාවෙන් ණයට ගත් වචන කියවීමේදී ප්‍රධාන වශයෙන් භාවිතා කෙරේ.