← Back to FB Viththi Page
https://free-hit-counters.net

ඉන්දියාවේ කොල්ලෝ කෙල්ලෝ මෝදිව පරදවයි

Published on: July 26, 2026, 12:31 pm
Advertisement
News Image
වෛද්‍ය පිඨයට ඇතුළුවීමේ විභාගයේ ප්‍රශ්ණ පත්‍රය හොරෙන් පිට කර ඇතැයි, පවසමින් සිසුවෝ උද්ඝෝෂණ මාලාවක් ඇරඹුවේ මසකට පමණ පෙරය. ඔවුන්ගේ මුලික ඉල්ලීම වුයේ මෙම සිද්ධියට වගකීම භාරහෙන අධ්‍යාපන ඇමතිවරයා ඉල්ලා අස්විය යුතු බවයි. එහෙත් අධ්‍යාපන ඇමතිවරයා පාලක පක්ෂයේ බලවත් ආරම්භක ක්‍රියාකාරියෙකි. මෝදි හා එක්ව එවකට පැවති කොන්ග්‍රස් ආණ්ඩුව ගෙදර යැවීමට කැපවීමෙන් වැඩ කල අයෙකි. සුළුවෙන් ආරම්භවූ උද්ඝෝෂණ විගසින් වර්ධනය වුයේ තරුණ ප්‍රජාව අතර අධ්‍යාපන හා රැකියා පිලිබඳ බලාපොරොත්තු බිඳ වැටීම නිසාය, සෑම උද්ඝෝෂනයක්ම පොලිසිය විසින් විසුරුවා හරින ලද්දේය, ඔවුන්ව කැරපොත්තන් මෙන් චප්ප කරන බවට වහසි බස් දෙඩිය. නවදිල්ලි නුවර පොලිස් ලොක්කා සාමකාමිව උද්ඝෝෂණයේ දී සිටි තරුණියකට කනේ පහරක් ගසා තිබු අතර මාධ්‍යවේදීන් නියමෙට වැඩේ කළේය. පත්තර, රුපවාහිනී නාලිකා සහ සමාජ මාධ්‍ය එම පින්තුරයට විශාල ප්‍රසිද්ධියක් දුන්නේය. පිට රටවලද විකාශය විය. කොල්ලෝ තව තවත් දිරිමත්හ් විය.. ඔවුන්ගේ ශිෂ්‍ය සංවිධානය 'කැරපොත්තන්ගේ පක්ෂය' නමින් වෙනම සංවිධානයක් පිහිටවූ අතර, ලක්ෂ දෙකක් වූ සාමාජික සංඛ්‍යාව සැණින් ලක්ෂ 25 ඉක්මවීය. ඔවුහු පාර්ලිමේන්තුව දක්වා පා ගමනක් ඇරඹිය. විපක්ෂ දේශපාලන නායකයෝද එයට එක්විය. පොලිසිය දරුණු මර්දනයක් ක්‍රියාත්මක කළේය. දෙපසේම පිරිස් තුවාල ලැබුවේය. තරුණ තරුණියෝ මේ සෙනසුරාදා මහා උද්ඝෝෂණය, අධ්‍යාපන ඇමති ඉල්ලා අස්වන තෙක් සංවිධානය කළේය. සති අන්තය බැවින් කන්තෝරු හා වැඩපොලවල්වල කොල්ලෝ කෙල්ලෝද අනිවාර්‍යයෙන් උද්ඝෝෂණයට එනවා නියතය. මෝදී ගැස්සෙන්නට ඇත, ලංකාවේ නායකයින් කොලු කෙල්ලන්ගෙන් කාපු පරිප්පුව ඔහු නොදන්නවා වෙන්නට බැරිය. මෝඩි වහා සාකච්චාවකට යොමු විය. කැරපොත්තන්ගේ පක්ෂයේ නිලධාරින් සෙනසුරාදා රාත්‍රී සාකච්චාවට සහභාගී වූ අතර, අධ්‍යාපන ඇමතිවරයා ඉල්ලා අස්විය. උද්ඝෝෂකයෝ සතුටින් විසිර ගියහ. ප්‍රභල භාරතීය ජනතා පක්ෂ ආණ්ඩුවද මහජන බලයෙන් හොල්ලා ඇත. පෙර දැමු වැඩ දැන් බැරිය. කාලේ වෙනස් බව ඉන්දියාවෙන්ද ඔප්පු වුණේය.
Advertisement
විදෙස් මාධ්‍යයන්ගෙන් එක්රැස් කර ගත් තොරතුරු  වෙතින් උපුටා ගන්නා ලදී.