← Back to FB Viththi Page
දකුණු කොරියාවේ වැඩ වර්ජන රැල්ලක්.
Published on: July 23, 2026, 8:43 am
හුන්ඩායි මෝටර් රථ එකලස් කිරීමේ සේවකයින් දින තුනක අර්ධ වැඩ වර්ජනයක් පැවැත්වූ අතර, ඔවුන් සමාගමේ සියයට 30 ක් ප්‍රසාද දීමනා සඳහා වෙන් කරන ලෙසද ඉල්ලා සිටියහ
Hyundai Motors සහ අනුබද්ධිත Kia කර්මාන්ත ශාලාවන්හි වෘත්තීය සමිති නව 'ඇට්ලස් හියුමනොයිඩ් රොබෝවරයාගේ' හඳුන්වා දීමට එරෙහිව සටනට බැස්සේය.
එතනින් ආරම්භවූ විරෝධතා අනෙකුත් ක්ෂේත්‍රයන්ටද වේගයෙන් පැතිර යමින් පවතියි.LG, Samsung ආදී ස්මාර්ට්ෆෝන්, රූපවාහිනී සහ ගෘහ උපකරණ නිපදවන සේවකයින් පසුගිය සතියේ ප්‍රසාද විෂමතා සම්බන්ධයෙන් විරෝධතාවයක නිරත විය.
Meta සමාජ ජාලයේ ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් අනතුරු අඟවා තිබුනේ 2026 වසර "කෘත්‍රිම බුද්ධිය අප වැඩ කරන ආකාරය ලොව පුරා වෙනස් කිරීමට පටන් ගන්නා වසර" ලෙසයි.
දකුණු කොරියාව ඓතිහාසිකව කලාපයේ වඩාත්ම සටන්කාමී කම්කරු සමිති ව්‍යාපාරයක් ඇති රටකි.
https://www.scmp.com/news/asia/east-asia/ වෙතින් උපුටා ගන්නා ලදී.