← Back to FB Viththi Page
බොහෝ රාජ්‍ය ආයතන භුමියන් ඩෙංගු මදුරු කීට තවාන්
Published on: July 19, 2026, 8:22 am
නීතිමය පියවර ගැනීම වැළැක්වීම සඳහා මේ ආකාරයෙන් බලපෑම් කරන නිලධාරීන් අතර දිස්ත්‍රික් ලේකම්වරුන්, පළාත් පාලන ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ද සිටින බව කොළඹ, මාතර, ගම්පහ, මන්නාරම සහ රත්නපුර ඇතුළු ප්‍රදේශවල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පෙන්වා දෙති.
ප්‍රාදේශීය හා පළාත් පාලන ආයතන, පාසල්, බැංකු සහ ඇතැම් රෝහල් පරිශ්‍රයන් ඇතුළු පරිපාලන ආයතනවල ඩෙංගු මදුරු කීටයන් සිටින ස්ථාන දිනපතා හඳුනා ගැනීම දිගටම සිදුවන බව ඔවුහු පවසති.
'අපි ඔවුන්ට තවත් අවස්ථාවක් දෙමු' වැනි ප්‍රකාශ නිකුත් කරමින් ඔවුන්ට බලපෑම් කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු චෝදනා කරති.
මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතී. මෙවැනි තත්ත්වයක් මධ්‍යයේ ජාතික ඩෙංගු මර්දන වැඩසටහන්වලදී රාජ්‍ය ආයතන පරිශ්‍ර තුළ ඩෙංගු මදුරු කීටයන් සහිත ස්ථාන සැලකිය යුතු මට්ටමකින් වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ද පසුගියදා දැඩි ප්‍රකාශයක් කළේය.
https://www.sundaytimes.lk. වෙතින් උපුටා ගන්නා ලදී.