← Back to FB Viththi Page
අපේ පෙයාර්ස් ආනයනික ඇපල් වලට වඩා රසවත්
Published on: July 19, 2026, 7:45 am
මුලින් පවුල් පහක් පමණ පෙයාර්ස් වගාවට යොමු වුණත් මේ වනවිට ගොම්මාලිකන්ද ගම්මානයම පාහේ අතිරේක බෝගයක් ලෙස පෙයාර්ස් වගාවට යොමුවී ඇත. ඔවුන් පසුගිය වසර 20 ක් තිස්සේ පෙයාර්ස් වගා කරමින් සිටී. මුලදී ඔවුනට හොඳ ආදායමක් ලැබුනද මේ වන විට ඔවුන්ගෙන් රු.600 ට ලබා ගන්නා පෙයාර්ස් කිලෝව වෙළඳුන් විසින් රු. 2000 කට වැනි ඉහළ මුදලකට විකුණා අධික ලාභ ලබන බවට ඔවුන් චෝදනා කරති.
ඔවුන් රජයෙන් ඉල්ලා සිටින්නේ තම නිෂ්පාදන හොඳ මිලකට විකිණීමට ක්‍රමයක් ඇති ලෙසටයි.
'සමහර වෙළෙන්දෝ අඩු මිලට අපෙන් පෙයාර්ස් මිලදී ගෙන කිලෝව රුපියල් 2,000 කට වඩා මිලකට විකිණීමෙන් විශාල ලාභයක් ලබන නිසා අපව සූරාකන බව අපට හැඟේ. අපිට මෙම වගාවේ රැඳී සිටීමට නම්, හොඳ වෙළඳපොළක් තිබිය යුතුයි. අපේ පෙයාර්ස් ආනයනික ඇපල් වලට වඩා රසවත්, '
ඉහළ අස්වැන්නක් ලබා දෙන නව ප්‍රභේද හඳුන්වාදීමට සහ අලෙවි ප්‍රවර්ධනය සඳහා රජය මැදිහත් විය යුතු නොවේද?
https://www.sundaytimes.lk වෙතින් උපුටා ගන්නා ලදී.