← Back to FB Viththi Page
ජෝර්දානයේ නවතා තිබු ඇමරිකානු ජෙට් යානා ඉලක්ක කල බව IRGC පවසයි
Published on: July 17, 2026, 3:35 pm
ඉරානයේ විප්ලවවාදී ආරක්ෂකයින් පවසන්නේ ඔවුන් ජෝර්දානයේ ස්ථානගත කර ඇති ඇමරිකානු හමුදා ප්රහාරක ජෙට් යානා ඉලක්ක කල බවයි.
වැඩිදුරටත් ඔවුන් පවසන්නේ "එක්සත් ජනපද ඉන්ධන පිරවුම් ගුවන් යානා සහ ප්රහාරක ජෙට් යානා කිහිපයක්" විනාශ කළ බව හා "තවත් යානා බොහෝමයකට බරපතල හානි සිදු කළ" බවයි.
ජෝර්දානයේ "ආක්රමණශීලී සහ ඉස්ලාමීය විරෝධී ඇමරිකානුවන්ගේ උවමනා වලට " එරෙහි වන ලෙසද ජෝර්දාන ජනතාවගෙන් ඉල්ලා සිටී.
රාජකීය ජෝර්දාන ගුවන් හමුදාවට අයත් මුවෆාක් සල්ටි ගුවන් කඳවුර ඇමරිකානු හමුදාව විසින් ද භාවිතා කරනු ලබන අතර එක්සත් ජනපදය විසින් ජෝර්දානය ප්රධාන නේටෝ නොවන සගයෙකු ලෙස නම් කර ඇත.
කටාරය, බහරේනය සහ ජෝර්දානය යන රටවල් සියල්ලම කියා සිටියේ ඉරානයේ නව ගුවන් ප්රහාර වළක්වා ගත් බවයි.
ජෝර්දාන හමුදාව තවදුරටත් කියා සිටියේ තමන් ඉරාන මිසයිල තුනක් ගුවනේදීම වලක්වා ගත් බවයි.
"අද සිකුරාදා උදෑසන, ගුවන් ආරක්ෂක පද්ධති ජෝර්දාන ගුවන් සීමාවට ඇතුළු වූ රාජධානියේ භූමිය ඉලක්ක කර ගත් ඉරාන මිසයිල තුනක් අල්ලාගෙන බිම හෙළීමට සමත් විය," ජෝර්දාන හමුදාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
https://www.dw.com/en/ වෙතින් උපුටා ගන්නා ලදී.