← Back to FB Viththi Page
දරු උපත් අඩුවීම වළක්වා ගැනීම සඳහා දෙමව්පියන්ට දෙන ළමා සහනාධාරය 600% කින් ඉහළ නැංවිය යුතු බව චීන විද්වතුන් පවසයි.
Published on: August 29, 2026, 9:00 am
අඩුවෙමින් යන උපත් අනුපාතය වළක්වා ගැනීම සඳහා රට පුරා ළමාරක්ෂක සහනාධාර විශාල ලෙස ඉහළ නැංවිය යුතු බවට අනතුරු හඟවන චීන විද්වතුන් නොපමාව අවශ්‍ය පියවර නොගතහොත් රටේ සශ්‍රීකත්ව අනුපාතය ඉක්මනින්ම ලෝකයේ පහළම මට්ටමටම වැටෙනු ඇතැයි අනතුරු අඟවති.
චීනය, සිංගප්පූරුව සහ දකුණු කොරියාවේ උදාහරණ වලින් පාඩම් ඉගෙන ගත යුතුය.
චීනය පසුගිය වසරේ රටපුරා ළමාරක්ෂක සහනාධාරයක් හඳුන්වා දුන් අතර එමඟින් එක් දරුවෙකු සිටින පවුලකට යුවාන් 10,800 (ඇමරිකානු ඩොලර් 1,600) ක් ලබා දෙන නමුත්, වැඩි දරුවන් ලැබීමට ජනතාව වැඩි කැමැත්තක් දැක්වීමට නම් සහනාධාරය ඉහළ දැමීම අනිවාර්යය බව ඔවුන් තවදුරටත් පවසති.
ජනවිකාශ විද්‍යාඥයෙකු වන ජේම්ස් ලියැං, පවසන්නේ එක් දරුවෙකු සඳහා යුවාන් 62,000 ක සහනාධාර පැකේජයක් හඳුන්වා දුනහොත් ඉදිරි වසර කිහිපය තුළ චීන කතුන්ගේ සරු භාවය සියයට 25 කින් ඉහළ නැංවිය හැකි බවයි.
තවත් ස්වාධීන ජනවිකාශ විද්‍යාඥයෙකු වන හේ යාෆු පවසා ඇත්තේ, දරුවන් ඇති දැඩි කිරීමේ අධික පිරිවැය දැරීමට දෙමව්පියන්ට උපකාර කිරීම සඳහා අවම වශයෙන් එක් දරුවෙකු සඳහා යුවාන් 72,000 ක සහනාධාරයක් එනම් වත්මන් සහනාධාරය මෙන් හය ගුණයක් අවශ්‍ය වනු ඇති බවයි.
සිංගප්පූරුව සහ දකුණු කොරියාව විසින් දෙමාපියන් සඳහා ත්‍යාගශීලී ආධාර පැකේජයක් හඳුන්වා දී ඇති අතර උපත් සංඛ්‍යාලේඛන වාර්තාවලට අනුව කාන්තාවන්ගේ සශ්‍රීකත්වයේ වැඩිවී ඇති බවට ආරංචි ලැබීමෙන් පසුව මෙම යෝජනා ඉඳිරිපත්ව ඇත.
පසුගිය වසරේ දකුණු කොරියාවේ සමස්ත සරුභාව අනුපාතය 0.8 ක් වූ අතර එය ලෝකයේ අඩුම අගය වන නමුත් පෙර වසරවලට වඩා වැඩිවී ඇත. පර්යේෂකයන් දෙදෙනාටම අනුව සිංගප්පූරුවේ සහ චීනයේ අනුපාත පිළිවෙලින් 0.87 සහ 1.0 කි.
සරුභාව අනුපාතය යනු කාන්තාවකට තම ජීවිත කාලය තුළ ලැබීමට අපේක්ෂා කරන සාමාන්‍ය දරුවන් සංඛ්‍යාවයි. ස්ථාවර ජනගහනයක් පවත්වා ගැනීමට නම් සරුභාව අනුපාතය 2.1 විය යුතුය.
දකුණු කොරියාවේ උපත් අනුපාතය වැඩි වීම පිටුපස මුදල් පරිත්‍යාග ප්‍රධාන සාධකයක් වී ඇත. 2021 දී රටේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1.6/GDP ක් ළමාරක්ෂක සහනාධාර සඳහා ආයෝජනය කර ඇති අතර , 2022 දී එය සියයට 2.7/GDP ක් දක්වාද , 2025 දී සියයට 4.8/GDP ක් දක්වා ඉහළ දමා ඇත.
පසුගිය දශකය තුළ චීනයේ වාර්ෂික උපත් සංඛ්‍යාව අඩකට වඩා අඩු වී ඇත - 2016 දී මිලියන 18 කට ආසන්න සංඛ්‍යාවක සිට 2025 දී මිලියන 8 ට අඩු වී ඇත. සංඛ්‍යාලේඛනවලට අනුව, 2021 න් පසු රටේ ජනගහනය සෑම වසරකම අඩුවෙමින් පවතියි.
දරුවන් කිහිප දෙනෙකු ඇති දැඩි කිරීමේදී දැරිය යුතු පිරිවැය, අධ්‍යාපන තරඟකාරිත්වය සහ ප්‍රමාණවත් ළමාරක්ෂක පහසුකම් නොමැතිකම,” නිසා “ළමාරක්ෂක සහනාධාර සැලකිය යුතු ලෙස වැඩි කිරීම සහ ළමාරක්ෂක සේවා පුළුල් කිරීම මඟින් දරු ප්‍රසූතියේ බර ලිහිල් කළ යුතුය.”
https://www.scmp.com/ වෙතින් උපුටා ගන්නා ලදී.