← Back to FB Viththi Page
https://free-hit-counters.net

චීනය ඉරාණයට ගුවන්යානා නාශක මිසයිල විකුණයි.

Published on: July 30, 2026, 8:28 am
Advertisement
News Image
ඉරාණයේ බිඳ වැටී ඇති ගුවන් ආරක්ෂාව නැවත ගොඩ නැගීම සඳහා සහාය වීමට චීනය කටයුතු කරමින් සිටී. ඉරාණයේ ගුවන් ආරක්ෂාව වැඩි දියුණු කිරීම සඳහා චීන සමාගමක් විසින් එරටට ගුවන් ආරක්ෂක පද්ධති විකුණා ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. ඉරානය සහ චීනය අතර ගොඩ නැඟී ඇති ආරක්ෂක සම්බන්ධතා වල ගැඹුර මෙමඟින් තහවුරුවෙයි. මෙම ගුවන් ආරක්ෂක පද්ධති සුමාන දෙකක් තුල ඉරාණයට ලඟා වෙන බව රොයිටර් පුවත් සේවය තවදුරටත් අනාවරණය කරන්නේ මුලාශ්‍ර කිහිපයකින් ලත් තොරතුරු පදනම් කරගෙනය. මෙම ගනුදෙනුව හරහා චීනයේ නිෂ්පාදිත QW-12 සහ FN-16 නමැති උරහිසේ රඳවාගෙන විදිය හැකි ගුවන් යානා නාශක මිසයිල 300-400 අතර ප්‍රමාණයක් හොංකොං හි පිහිටි තැරැව්කාර සමාගමක් හරහා ඉරානය විසින් මිලඳී ගෙන ඇති අතර එහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 60-70 අතර වන බවද මුලාශ්‍ර විසින් සඳහන් කොට ඇත. මෙය ඉරානය විසින් සිය කෙටි දුර මිසයිල ප්‍රහාරක ශක්තිය වර්ධනයට උපයෝගී කර ගන්නවා ඇත. පහතින් පියාසර කරන ගුවන් යානා, හෙලිකොප්ටර් සහ ඩ්‍රෝන යානා ඉලක්ක කර ගැනීම සඳහා, චීනයේ නිෂ්පාදිත සොල්දාදුවෙකුට සිය කර මත රඳවාගෙන විඳිය හැකි ගුවන් ආරක්ෂක මිසයිල වලට, අධෝරක්ත හඹා යෑමේ සහ ගුවන් යානා විසින් ආරක්ෂාව සඳහා වීසි කරන රැවටිලිකාර ගිනිදැල් වෙන්ව හඳුනා ගැනීමේ හැකියාවන් ගෙන් යුක්තය. චීනය විසින් මෙම රොයිටර් පුවත ප්‍රතික්ෂේප කර ඇති අතර ඒවා ප්‍රවාහනය සම්බන්ධයෙන් තමන්ගේ මැදිහත්වීමක් නොමැති බව පකිස්තානය විසින් ප්‍රකාශ කොට ඇත.
Advertisement
රොයිටර් පුවත් සේවය  වෙතින් උපුටා ගන්නා ලදී.