6) සිංහල භාෂාවේ සර්වනාම බහුලව භාවිතා කරනු ලැබුවත් කොරියන් භාෂාවෙහි සර්ව නාම බහුලව භාවිතා නොකරයි. පහත දැක්වෙන වාක්‍ය දෙස අවධානය යොමුකළහොත්, සිංහල උදාහරණයේ මුල් වාක්‍යයේ යාළුවා 친구 🔊 යන නාමපදය භාවිතා කලද දෙවැනි වාක්‍යයේ යාළුවා වෙනුවට 'එයා' යොදා ගෙන ඇති eයුරු පෙනේ. නමුත් මීට වෙනස්ව කොරියන් භාෂාවෙහි දෙවැනි වර ප්‍රකාශ කිරීමේදී කර්තෘ ඉවත් කර ලිවීම හෝ 그 친구는 🔊 ලෙස ප්‍රකාශ කරනු ලැබේ.
| සිංහල භාෂාව | ඊයේ යාළුවා හම්බවුණා. එයා ලස්සන වෙලා. |
| කොරියන් භාෂාව | 어제 친구를 만났다. 그 친구는 예뻐졌다 |
어제 친구를 만났다. 그 친구는 예뻐졌다.🔊
7) සිංහල භාෂාවේ 이 'මේ'🔊, 그 'ඔය' 🔊, 저 'අර'🔊 පමණක් නොව කතාබහා කරන අවස්ථාවේ දක්නට නැති කතා කරන්නා සහ සවන් දෙන්නා පොදුවේ දන්නා දෙයක් හෝ පුද්ගලයෙක් පිළිබඳ ප්‍රකාශ කරන විට යොදා ගන්නා 'ඒ' යන සර්වනාම පදයද තිබේ. කොරියන් භාෂාවෙහි 'ඔය' සහ 'ඒ' යන අර්ථයන් දෙකම එකම 그 🔊'සර්වනාමය භාවිතා කර ප්‍රකාශ කරනු ලැබේ.
8) සිංහල භාෂාවේ (명사 'වෙමි'🔊, 이다 'ය'🔊 , ස්වරූපයේ වාක්‍යකින් 'වෙමි' සහ 'ය' ඉවත්තර ද ලිවිය හැකි නමුත් කොරියන් භාෂාවෙහි 이다 'ය'🔊 ප්‍රත්‍ය ඉවත්කර ලිවිය නොහැකිය.
| සිංහල භාෂාව | මෙය මලක් වේ. (0) මෙය මලක්. (O) |
| කොරියන් භාෂාව | 이것은 꽃이다. 이것은 꽃. (X) |
이것은 꽃이다.🔊
9) සිංහල භාෂාවේ ගෞරවාර්ථ, බහු වචන නාම පද යොදා ගනිමින් ප්‍රකාශ කරනු ඇත. බහු වචන ක්‍රියාපද අඛ්‍යාතය වශයෙන් ලිවීමෙන් ද ගෞරව ලැබිය යුතු උසප් පුද්ගලයෙන් යන්න පෙන්වා දිය හැකිය. කොරියන් භාෂාවෙහි විවිධාකාරයෙන් ගෞරවාර්ථය ප්‍රකාශ කළ හැක. මාතෘකාවට ලත් වෙන්නාව උසස් කිරීමට නාම පදයට පිටුපසින් '재 🔊' ප්‍රත්‍ය එකතු කර අඛ්‍යාතයට '사 🔊' සම්බන්ධ කර ලියනු ඇත. ඒ වාගේම කොරියානු වාග් මාලාවේ සමහර වචනවල ගෞරවාර්ථ පද ද වෙනම දක්නට ලැබේ. සිංහල භාෂාවේ සවන් දෙන්නා උසස් කර දක්වන ගෞරවාර්ථ ක්‍රම නොමැති නමුත් කොරියන් භාෂාව ගත් කල වාක්‍ය අවසාන නිපාත ප්‍රත්‍යයෙන් සවන්දෙන්නා සෙතරම් ප්‍රමාණයසින් උසස් කොට සලකන්නේද යන්න පිළිබිඹු කරනු ලැබේ.
언니 집에서 갔다.🔊
| සිංහල භාෂාව | අක්කා අම්මා | ගෙදර | ගියාය. |
| කොරියන් භාෂාව | 언니 어머니 | 집에서 | 갔다. 가셨다. |
어머니 집에서 가셨다.🔊