නිවන් දකිමු.
අපගේ වර්තමාන ජිවිත කාලය තුලම නිවන් අවබෝධ කර ගැනීමට පුළුවන. නිවන යනු යළි නොඉපදීමයි.සියළු දුකට හේතුව නම් ඉපදීමයි.එම නිසා නොඉපදී සිටීමට අප කල යුත්තේ කුමක්ද?
දුකින් අත් මිඳීමට නම් චතුරාර්‍ය සත්‍ය දැන සිටිය යුතුය.
කුමක්ද මේ සත්‍ය හතර?
චතුරාර්‍ය සත්‍ය
දුක- (දුක්ඛ සත්‍ය )- දුක්ඛ සත්‍ය යනු පංච උපාදානස්ඛන්ධයයි.උපාදානස්ඛන්ධ යනු අපයි. එනම් ඇස, දිව, කණ, නාසය හා ශරීරයයි. මේවා අපට ලැබුණේ ඉපදුන නිසයි. අපි මේවා සන්තර්පණය කිරීමට නොකරන දෙයක් නැත. අපට සංසාරය දිග්ගැස්සෙන්නේ මෙම ක්‍රියාවන් හොද මෙන්ම නරකද වන නිසයි.
දුකට හේතුව- (දුක්ඛ සමුදය සත්‍ය )-දුක්ඛ සමුදය සත්‍ය යනු තෘෂ්ණාවයි.ආසාව, කෑදරකම,මමත්වය, අත නොහැරීම ආදී වශයෙන් තෘෂ්ණාව යනු කුමක්දැයි ඔබ හොඳින් දනී.
දුක නැති කිරීම- (දුක්ඛ නිරෝධ සත්‍ය )-දුක්ඛ නිරෝධ සත්‍ය යනු නිර්වාණයයි.එනම් යලි නොඉපදීමයි.එවිට පංච උපාදානස්ඛන්ධයක් නැත.
දුක නැති කිරීමේ මාර්ගය (දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා සත්‍ය )-දුක නැති කිරීමේ මාර්ග සත්‍ය යනු ආර්‍ය අෂ්ටාංගික මාර්ගයයි.
බුදුපියාණන් වදාළ මෙම ආර්‍ය අෂ්ටාංගික මාර්ගය අනුව අපගේ ජීවිතය ගත කල හොත් අපට දුකින් මිඳිය හැක. ඉතාමත් සරළව නුසුදුසු දේ කිරීමෙන් වැලකි සිටීමෙන් ඔබට ආර්‍ය අෂ්ටාංගික මාර්ගය පිළිපැදිය හැක.
Book Marked!
ආර්ය අෂ්ටාංගික මාර්ගය - මධ්‍යම ප්‍රතිපදාව
ආර්ය අෂ්ටාංගික මාර්ගය යනු බුදු දහමට අනුව දුකින් මිදී (නිවන) සාක්ෂාත් කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු
මධ්‍යම ප්‍රතිපදාවයි.
අන්තයන්ගෙන් බැහැර වූ මෙම මාර්ගය අංග අටකින් සමන්විත වන අතර,
ඒවා ප්‍රධාන කොටස් තුනක් යටතේ ක්‍රියාත්මක වේ.
1.ප්‍රඥාව - දැනුම :
සම්මා දිට්ඨි: නිවැරදි දැක්ම (චතුරාර්ය සත්‍යය දැන සිටීම - ඉහත විස්තර කර ඇත. නැවත නැවත කියවන්න. ).
සම්මා සංකප්ප: නිවැරදි කල්පනාව (කාමයෙන්, වෛරයෙන් හා හිංසාවෙන් තොරව සිතීම).
2.සීල :
සම්මා වාචා: නිවැරදි වචනය (බොරු කීමෙන්, කේලාම් කීමෙන් හා පරුෂ වචන වලින් වැළකීම).
සම්මා කම්මන්ත: නිවැරදි ක්‍රියාව (පණ නැසීමෙන්, සොරකමෙන් හා වැරදි කාම සේවනයෙන් වැළකීම).
සම්මා ආජීව: නිවැරදි දිවිපැවැත්ම (අනුන්ට හානි නොවන, අවංක ජීවනෝපායක් සෙවීම).
3.සමාධි :
සම්මා වායාම: නිවැරදි උත්සාහය (අකුසල් දුරු කිරීමට සහ කුසල් වැඩීමට වෙර දැරීම).
සම්මා සති: නිවැරදි සිහිය (කය, විඳීම, සිත හා දහම පිළිබඳව නිරන්තර සිහියෙන් සිටීම).
සම්මා සමාධිය: නිවැරදි සමාධිය (සිත එකඟ කිරීමෙන් ලබන ඒකාග්‍රතාවය).
බෞද්ධයාගේ අවසාන බලාපොරොත්තුව නිවන් අවබෝධ කර ගැනීමයි. මේ සඳහා ඒකායන මාර්ගය මැදුම් පිළිවෙත හෙවත් ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඞීමයි.
Book Marked!
ආර්ය අෂ්ඨාංගික මාර්ගය වැඞීමේ අනුපිළිවෙලක් ඇත.
එනම්
පළමුව ශීල කොටසේ ඇති (බොරු කීමෙන්, කේලාම් කීමෙන් හා පරුෂ වචන වලින් වැළකීම), (පණ නැසීමෙන්, සොරකමෙන් හා වැරදි කාම සේවනයෙන් වැළකීම), (අනුන්ට හානි නොවන, අවංක ජීවනෝපායක් සෙවීම) පිළිපැදීම කළ යුතුය. මෙය ශීල ශික්ෂාව ලෙස හඳුන්වයි.
දෙවනුව සමාධි කොටසේ ඇති (අකුසල් දුරු කිරීමට සහ කුසල් වැඩීමට වෙර දැරීම), (කය, විඳීම, සිත හා දහම පිළිබඳව නිරන්තර සිහියෙන් සිටීම), (සිත එකඟ කිරීමෙන් ලබන ඒකාග්‍රතාවය) පිළිපැදීම කළ යුතු වේ. මෙය සමාධි ශික්ෂාව ලෙස හඳුන්වයි.
සමාධි කොටසේ ඇති (අකුසල් දුරු කිරීමට සහ කුසල් වැඩීමට වෙර දැරීම) පිළිපැදීම සමථ භාවනා ලෙස හඳුන්වයි.
සමාධි කොටසේ ඇති (අකුසල් දුරු කිරීමට සහ කුසල් වැඩීමට වෙර දැරීම), (කය, විඳීම, සිත හා දහම පිළිබඳව නිරන්තර සිහියෙන් සිටීම) පිළිපැදීම විපස්සනා භාවනා ලෙස හඳුන්වයි.
අවසානයේ ප‍්‍රඥා කොටසේ ඇති නිවැරදි කල්පනාව, නිවැරදි දැක්ම පිළිපැදීම කළ යුතු වේ. මෙය ප‍්‍රඥා ශික්ෂාව ලෙස හඳුන්වයි.
සමථ භාවනා, විපස්සනා භාවනා දියුණු කිරීමෙන් ලැබෙන සමාධිය එකඟකම අනුව රූපාවචර, අරූපාවචර, ධ්‍යාන ලබා ගත හැකි වේ.
Book Marked!