සමථ භාවනා

සිත යම් කුසල් අරමුණක රඳවාගෙන සිටීම, නැවතීම සමතය ලෙස හඳුන්වයි. සිත නවතා ගැනීමට ආනාපානා සති භාවනාව කල යුතුය. දෑස වසා ගෙන තමා හුස්ම ගන්නා හා පිටකරන දෙස මනස රඳවා තබා සිටීම මඟින් වෙනස් සිතුවිලි සිතට ඇතුළුවීම නවතා ගත හැකිය. ආරම්භයේදී මෙය අමාරු කාරණයක් සේ දැනුනාට කිහිප වරක් උත්සාහ කිරීමෙන් සිතුවිලි සිතට ඇතුළුවීම නවතා ගත හැකි බව ඔබට ඒත්තු යනවා ඇත.

1. නිවැරදි ඉරියව්ව තෝරාගන්න (Choose a stable posture) ශරීරයට අපහසුවක් නොදැනෙන සන්සුන්, නිහඬ ස්ථානයක් තෝරාගන්න. කොන්ද කෙලින් තබාගෙන, දෑස් මෘදුව පියාගෙන සුවපහසුව වාඩිවන්න.

2. මනස වර්තමානයට ගෙනෙන්න (Bring your mind to the present) අතීතය හෝ අනාගතය පිළිබඳ සිතුවිලි සියල්ල මොහොතකට පසෙක තබන්න. මුළු අවධානයම තමා වෙතට සහ මේ ගෙවෙන මොහොතට පමණක් යොමු කරන්න.

3. හුස්ම දෙස බලා සිටින්න (Observe the breath) ස්වභාවිකව සිදුවන හුස්ම ගැනීම සහ හුස්ම පිටවීම දෙස පමණක් මනසින් බලා සිටින්න. හුස්ම පාලනය කිරීමට උත්සාහ නොකරන්න; එය තනිවම සිදුවීමට ඉඩ හරින්න.

4. ස්පර්ශ වන ස්ථානය හඳුනාගන්න (Find the point of contact) ආශ්වාස කරන විට සහ ප්‍රශ්වාස කරන විට, වාතය නාසයේ අග හෝ උඩු තොලේ වදින "ස්පර්ශය" කෙරෙහි සිත රඳවා ගන්න. සිත එකඟ කර ගැනීමට ඇති එකම අරමුණ (Anchor) මෙම ස්ථානයයි.

5. සිත වෙනතක ගියහොත් නැවත ගෙනෙන්න (Gently return if the mind wanders) සිතට වෙනත් සිතුවිලි ඇතුළු වීම සාමාන්‍ය දෙයකි. ඒ පිළිබඳව කෝප නොවන්න. සිත වෙනතක ගිය බව දැනුණු වහාම, ඉතා මෘදුව සිත නැවතත් හුස්ම ස්පර්ශ වන ස්ථානය වෙතට රැගෙන එන්න.

කාය විවේකය හඳුනා ගැනීම භාවනාවක් සාර්ථක කර ගැනීමට ඉතා වැදගත් වේ.


Book Marked!

කාය විවේකය.

භාවනාවක යෙදි ඇති විට (අකුසල් දුරු කිරීමට සහ කුසල් වැඩීමට වෙර දැරීම), (කය, විඳීම, සිත හා දහම පිළිබඳව නිරන්තර සිහියෙන් සිටීම), (සිත එකඟ කිරීමෙන් ලබන ඒකාග්‍රතාවය) අංගවලින් (බොරු කීමෙන්, කේලාම් කීමෙන් හා පරුෂ වචන වලින් වැළකීම), (පණ නැසීමෙන්, සොරකමෙන් හා වැරදි කාම සේවනයෙන් වැළකීම), (අනුන්ට හානි නොවන, අවංක ජීවනෝපායක් සෙවීම) වැනි අරමුණු වලින් සම්පූර්ණයෙන් වැළැක්වෙන නිසා එම නිදහස් වන කාලය කාය විවේකය ලෙස හඳුන්වයි.


Book Marked!